Dilhani NiluSha Nisadas Count (2)
Dilhani NiluSha 5 years ago 105 9 5
ඉස්සර මතකෙක, තරවටුවකවත් ඔබට #උඹ කියාගන්න බැරිවුනා අදටත් හීනෙක, හිතිවිල්ලකවත් #උඹ යැයි දෙස් තියාගන්න බැරිවුනා ඉදහිටෙක කවියක, කල්පනාවකවත් උපන් පෙමකට #උඹ ලියාගන්න බැරිවුනා ඒකවෙන්නැති #ඔබ පලයන් කිව්වමත් හා කියලා එකපාර යන්න බැරිවුනේ..
Dilhani NiluSha 5 years ago 146 13 4
ඔබ, හිනාවක් නොව හැමදාම හිනාවෙන්නට හැකි කාරණාවකි.. හාදුවක් නොව හිතම උණුහුම් කරන්නට හැකි ශෘංගාරයකි.. දුකක් නොව ජීවිතයම පුලුස්සා දැමිය හැකි වේදනාවකි.. ප්‍රේමයක් නොව මාවම පණ ගැන්විය හැකි හුස්මකි..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps