Geethanjalee ? 3 years ago 86 4 5

Nisadas Image

අහෝ චීවරය දැන්නම් ඕනෑම නැත....?

දන් හැන්දක් නොදෙන එවුන්
සිවුරේ ශීලය සොයති
ඔය චීවරය ඇදැයි කියති...

ලයිට් බිල ගෙවන්න
ආවාසේ උළු වහන්න
තඹ දොයිතුවක් නොදුන් එවුන්
පන්සලේ ආර්ථිකය සොයති....

අපේ හාමුදුරුවනෙයි වැද වැටී
පා ලෙවන උන්
චීවරධාරියා යැයි
ලියති කියති....

හැබැයි උන් දන්නේම නැත
සෙත් පතා පිරිත් කියන්නේ
අනුකම්පාවෙන්, කරුණාවෙන් බව
බණ කියන්නේ බෝධි පූජා තියන්නේ
උගුරේ ලේ රහ එනකං
දම් දෙසන්නේ.....

රස බොජුන් නොවුනත්
ගෙනත් දෙන පාන් සම්බෝල
දිය රස වූ දානය වළඳන කළ
කිසිම දිනක සිතේ
වෛරයක් නැතිබව....

අනේපිඬුසිටුතුමා නැති
බන්ධුල මල්ලිකාවුන් නැති සමාජයක
සොයයි නීතිය පන්සලේ
පොඩි සාදුගේ රහත් බව....
එදා ගතට බරක් නොවූ චීවරය
උන්වහන්සේට අද
බරක් වී දැනෙන හැටි...
??????

Comments (5)

චතූ 3 years ago ඒක නම් ඇත්ත. අපූරුයි අදහස ?

Geethanjalee ? 3 years ago ?

ශශී❤️? 3 years ago ලස්සනයි ගොඩක්?

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ඇත්ත තමයි අර්ථවත් ✍️❤️

චතු ගුණසේකර ? 3 years ago කතාව නන් ඇත්ත අක්කියො





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps