Geethanjalee ? 3 years ago 94 4 4

Nisadas Image

සයුර මම....

අහසටම අයිති ඉර
හවසට අයිති කරගෙන
ක්ෂිතිජ ඉමේ කොනක
එක් රැයකට හංගාගෙන
උදේ වන විට යළිත්
අහස ඉර හොයාගෙන....
පුංචි යාලුවන්ගේ
වැලි මාලිගා කඩා ගෙන
නිතර වෙරළට ගලන
පෙණ කැටිති නංවමින් හිනාවෙන...
හෝ ගානා පොකුණ
ලස්සනම හවසකට
මවෙත ඇදෙනා සැමගේ
සිත් සතුටින් පුබුදු කරන
කවි සිතුවිලි කළඹමින්
කවියන් බිහි කරන...
ඉර අවරට යනෙන විට
මැවෙන ඒ සොඳුරු සිතුවම
තෙලිතුඩින් සිතුවම් කරලා
හදවතින් සායම් කරන
සොඳුරු සිත්තරුවන් මවන....
දෙපා වල හැපි හැපී
නැවත ඈතට යනෙන
ගිහින් ආයෙම නැවත එන
නගරයේ මහමග දුවන
විඩාබර නෙතු වලට
මොහාතකට සැනසිල්ල දෙන
සයුර මම.....

Comments (4)

චතූ 3 years ago ලස්සනයි ? සයුර නුඹ

Geethanjalee ? 3 years ago Thnk you akki ?❤️?

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps