Deesha(දීෂා)❤️ 3 years ago 117 3 10

Nisadas Image

_______?°මතකාවර්ජනයක්°?__________

හස්ත මුද්‍රා නොතිබුවත් මම පුතුනි නුඹෙ රුව
මහද මැව්වා
කිරි සිනහවක් නොවැකුණත් කණ නුඹෙ සිනහවන්
හිතම නිමුවා
කුමරුවනි මම නුඹේ නාමෙන් පුංචි සළු හෙමි
හෙමින් ගෙතුවා
දකිනු රිසියෙන් නුඹේ රුව මම සිව් මසක්
පාරමී පිරුවා....

ගුවන් ගැබ නුඹ දෙපළු කරමින් සුර ලොවින්
මව් කුසට ආ දා
බුදුන් අභියස දෙදණ නමමින් රැකදෙන්න "පුතු"
අයැද සිටියා
දෛවයේ එක් පසෙක සිටි මරු නුඹව මවගෙන්
උදුර ගත්තා
මවකගේ උණු කඳුළු අදටත් පුතුගෙ නාමෙන්
දෙනෙත් තෙමුවා ........
???????

Comments (10)

චතූ 3 years ago ගොඩක් ලස්සනයි දීශා. ඒ වගේම ගොඩක් දුක හිතෙනවා ❤✍

චතූ 3 years ago උතුම් බෝසත් පුතු වැදූ පසු මහාමායා ලොවෙන් මිදුනා...

චතූ 3 years ago බිළිඳු උකුසෙකු අරන් යද්දී පටාචාරා හඩා වැටුණා...

චතූ 3 years ago මියැදි බිළිඳුට පණ හොයාගෙන කිසා ගෝතමි මගට බැස්සා...

චතූ 3 years ago ඇත්තටම දරු සෙනේ පුදුමයි අම්මලා ලොව දුක් ඇහින්දා...

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි Thanks ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks shashii ❤️

ශශී❤️? 3 years ago අනේ දීශා ??

Deesha(දීෂා)❤️ 3 years ago ? ම්ම්ම් අක්කි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps