Deesha(දීෂා)❤️ 3 years ago 115 3 10

Nisadas Image

මියැදුණු සිහින ?

දිවිය සිරවී කඩඉමක් තුළ නෙත් කෙවෙනි
රෑ ඉකිබිඳී
සියලු බැමි මදකට නවත්වා පොත් අතර
කාලය ගෙවී
විසඳගන්නට නොහැකි වූ එක් ගැටලුවක්
ලඟ නතර වී
සොයමි මම මා කව්ද යන වඟ විදු ඇසින්
මඳකට මිදී....

සිහිනයක් හද පත්ල තෙරපේ යන්න ඇත
බොහො දුර ගෙවා
වෙදැදුරෙක් ලෙස රෝගි හදවත්
වේදනාවෙන් කර මුදා
දෑස අස්සේ රැකම තිස්සේ කියාදී
මනුදම් කතා
දනන් සිත් මෙන් ගතත් සුවපත් කළ හැකිද
සිත අසනවා....

අසීරුයි මට නිවා දැමුමට මිනිසුන්ගෙ
දැල්වෙන ගිනී
මට නොහැකි කළ නතර කෙරුමට මගේ
ලෝදිය කඳුලැලී
යන්තමින් පණ ගැහෙන පපුවට විරාමයක්
අවැසී
සිහින අතරේ මා මියෙන්නම් භවයකට
සමු දී.........

-දීෂා?✍️෴

Comments (10)

චතූ 3 years ago ජීවිතේ පුරාවට අපි හීන දකිනවා...හිමි වුණත් නැතත් ඔය හීන පණ ගැහෙනවා...වසන්තේ ලස්සනයි මම ඒක දන්නවා...කටුක මග හිත හදන් යන්න නුඹ දිනනවා...

චතූ 3 years ago කටුක මග හිත හදන් යන්න නුඹ දිනනවා...❤

Deesha(දීෂා)❤️ 3 years ago නිරන්තර සෙනෙහසින් දෙන ඔවා පිළිගමී... කටු මතින් පා තබා තව තවත් ඇවිදිමී...වේදනා ඉවසලා කඳුලු කැට සඟවමී... ළඟදීම දිනක මම ජීවිතෙන් සමුගමී...

Deesha(දීෂා)❤️ 3 years ago ළඟදීම දිනක මම ජීවිතෙන් සමුගමී... Thanks akki

ශශී❤️? 3 years ago මට හිතෙන්නේ ඔය දෙන්නම ලොකු දුකක් හිතේ හිරකරන් ඉන්න්වා කියලා.ජීවිතේ කියන්නෙ දුක මැදින් හිනාවෙන එකට.හැමෝගෙම ජීවිත වල වේදනා දෙන මතක සිදුවීම් තියෙනවා.ඒව මතක තියාගෙන ඒකම පන්නරයක් කරගෙන ජීවිතෙ දිනන්න ඕනේ..?

ශශී❤️? 3 years ago ???

Deesha(දීෂා)❤️ 3 years ago Hmm ඔව් ඔයා හරි ?

චතූ 3 years ago ලස්සනයි දීශා උත්තරේ. ඒත් ජීවිතේ අත්හරින්න එපා. හයියෙන් අල්ලගන්න❤

Deesha(දීෂා)❤️ 3 years ago අල්ලා ගන්නට සිතුමුත් සිතන්නට පෙර අත්හැරී ගිය සුසුමකි මේ දිවිය චතූ ....

චතූ 3 years ago "ජීවිතය රදා පවතින්නේ බලාපොරොත්තු මතයි"





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps