Kavinda Sahan 3 years ago 71 3 2

Nisadas Image

❤ ...?

සසරින් සසරටම දැනුන
හිමි නැති මුත් අහිමි නොවන
ඔබේ සුවදම අරන් වඩින
නලමුදු පහසද මේ......

ඇහිපිය මත සදා රැදුන
ගිලිහෙන්නට නොදී රකින
සිත පිරිමැද යලි හඩවන
උණු කදුලුද මේ......

පේනමානේ දුරින් සිටින
ඔබ ලගට එන්න වරම් නැති වුන
දුරින් සිට පෙම් කරන
කාලයද මේ.....

ලය නිමි හිමි හොයා ගලන
සරතැස ගිම් නිවා දමන
අයදින්නට වරම් නොවුන
ආදරයද මේ.....

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ??

චතූ 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps