චතූ 3 years ago 145 3 4

Nisadas Image

මගේ ගුරුතුමී

නොසන්සිඳෙන මගේ හැඟුම්
විලංගු ලා සිරකරන්න...

අහස පුරා දුවනා හිත
වලාකුලක රදව ගන්න...

මගේ පුංචි ළමා වියේ
මට හරි දේ කියා දුන්න...

මගේ ගුරුතුමී ආදර
යන්න ගිහින් යළි නේන්න...

ඇගෙ ලා පැහැ ඔසරිය ළග
ආදරයෙන් තුරුළු වෙලා...

ඇගේ සුවද වින්දා අපි
පුංචි එවුන් හැම පෙරදා...

යළි නොඑනා ගමන් ගියත්
හැම නෙතක ම කදුළු තියා...

නුඹෙන් දිවිය උගත්තවුන්
සිහි කරාවි ඔබ හැම දා...

නුඹෙ මතකය සුවද දෙමින්
ජීවත් වෙයි මතු හැම දා...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago Very nice my dear

චතූ 3 years ago Thank you dear?

ශශී❤️? 3 years ago Woow ❤️

චතූ 3 years ago Thanq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps