චතූ 3 years ago 84 3 4

Nisadas Image

නික්ම යාම

නික්ම යාම
(ගිරවෝ නුඹට)

නිතරම දෑස් සෙව්වේ නුඹෙ
මාවම ද...
නිතරම මුවග රැදුනේ මගෙ
නම නොවෙ ද...
නුඹෙ කොල පියාපත්
විහිදා ගගනතට...
යන්නට කිව් වෙලෙත් නොගියේ
ඒ මන්ද...

මගෙ හිත පුරා සෙනෙහස
පුරවා හරින...
හරි හිතවත් නුඹේ ඔය
හුරතල් වචන...
තව ටික දවසකින් මම යමි
දුර යන්න...
ආයෙත් එන්නෙ සති
අන්තේ විතරක්ම...

අනාගතය මට හඩගා රැදෙන
පැයේ...
මා යා යුතුය සරසවියට නිකිණි
මහේ...
මගෙ ගිරවෝ නුඹ හැරදා යන
දිනයේ...
මම මගෙ හදවතින් වෙන්වූ සෙයක් දැනේ...

මට බැහැ නවතින්න මම යා
යුතුව ඇත...
සරසවි හීනයේ කිමිදිය
යුතුයි හෙට...
නුඹ සහ මතක කරපින්නා
ඒ ලොවට...
හෙට මම යා යුතුව ඇත
එහි නවතින්ට...

ගිරවෝ නුඹට පාළුව හෙම
දැනුනාට...
නොහඩා ඉවසපන් සති අග වෙන තෙක්ම...
සති අන්තේ හනික මම
එනවා ගෙදර...
නුඹෙ කොල පියාපත්
අතගා සනසන්ට...

වෙනදා වගෙම මගෙ නම
මුමුණා හවස...
මග බලමින් ඉදපන් මම එන
තුරුම...
හිතවත් මගේ මිතුරෝ නුඹගේ
වචන...
මට බලකරනවා නොගිහින් නැවතෙන්න...

හිත රිදවා ගෙන දුක් වී
වැලපෙන්ට...
මට හිතුනත් යා යුතුමයි මම
එහෙට...
මම එන දාට උඹ හට රසකර
කන්ට...
පලතුරු ගොඩක් ගෙන එන්නම් හැමදාම...

චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අනේ ?????

චතූ 3 years ago Thank you dr?

ශශී❤️? 3 years ago ලස්සනයි ගොඩක් ?

චතූ 3 years ago Thanq dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps