චතූ 3 years ago 90 3 4

Nisadas Image

මම සහ සයුර

අහස් ගැබ ළග
සැදෑ වරුවක
මම හිදිමි එක
ගල් තලාවක...

සයුර අසබඩ
සුළග සැරසෙයි
මගේ කෙහෙරැළි
අවුල් කෙරුමට...

සද සයුරෙ ගිලෙනා
නිමේෂෙක
දුර ගගන ඇත
රක්ත සයුරක...

ක්ෂිතිජයේ රූ
මැදින් බොදවී
මම දුටිමි එහි
මගෙ ආත්මය...

එසැනින්ම විත්
මගේ කුටියට
රැගෙන තෙලි තුඩ
අන්ධකාරෙක...

කැන්වසය මත
මම දුටුව දෙය
කුරුටු ගෑවෙමි
ස්වප්නයක් ලෙස...

චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ගොඩක්ම ??

චතූ 3 years ago Thanq dr?

ශශී❤️? 3 years ago ලස්සනයි චතු

චතූ 3 years ago Thank you shashii?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps