චතූ 3 years ago 93 2 2

Nisadas Image

මතක මකමි

අදින් පසු මම
මගේ කවි තුල
ඔබේ මතකය
ලියන්නේ නෑ...

හිතට ඔබ එන
මොහොතකදි මම
මගේ නෙත් යළි
තෙමන්නේ නෑ...

උඹට හැරයනු
හැකියි නම් පෙම
මමත් ආයෙත්
තැවෙන්නේ නෑ...

රෑ පුරා නුඹ
හීනයක් නම්
ආයෙමත් මම
නිදන්නේ නෑ...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

චතූ 3 years ago Thanq❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps