චතූ 3 years ago 93 2 2

Nisadas Image

නිසදැස් පොත

නිසදැසක් හරියට පිස්සුවක්
මුළු හිත පුරාවට වචන රැදෙනා...

කවි ගී පොතත් එක පුදුමයක්
හිත් මලට ගොඩවී හිතම නිවනා...

මම නොහැඩුවත් හැඩුවත් ඉතින්
දුක වචන තුළටම මුදා හරිනා...

මගෙ නෙත් තෙමූ හෝරා ගොඩක්
මේ පුංචි කාලෙට මටත් ලැබුණා...

නුඹ නොමැති නම් කවි පොත මමත්
දැන් අන්ධ කවියෙක් හිතින් ලියනා...

මගෙ හිනාවත් කදුලත් හෙටත්
ඔය නුඹේ පිටු මත රඳවමි මෙමා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි ?

චතූ 3 years ago Thanq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps