චතූ 3 years ago 91 3 2

Nisadas Image

නුඹත් වන්දනාවක්

2020 අගෝස්තු මස 03 වැනිදා

කාලයේ තෙරක් නැති
අරුම ගමනේ යෙදෙන
වන්දනාකරු මමයි
ජීවිතේ සොයා යන...

හීන බිදුණත් නිතර
යළි යළිත් හීන දෙන
නුඹත් වන්දනාවක් ය
සරසවිය මගෙ සිහින...

වැටෙන නැගිටින නමුත්
හඩන හිනැහෙන හිතට
ගන කළු වළා ඇවිත්
අදුර දුන්නත් නිතර...

අනන්තේ දුරක හිද
පවසනා ගී නිතර
මගෙ හීන සරසවිය
නුඹට මේ කවි පොකුර...

කැන්වසය මත මගේ
ජීවිතේ සායමින්
හීන පින්තාරුවට
මමත් එමි ඉක්මනින්...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Very nice my dear All your dreams come true Good luck ❤❤❤❤

චතූ 3 years ago Thank you Dr?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps