චතූ 3 years ago 104 3 3

Nisadas Image

වසන්තයේ අග

ඇහැළ මහ වැහි කලුව
එලා තිරපට හවස
ඉදහිටත් බිදෙන් බිද
කදුළු වැහි බිඳු හලන...

මලානික අහස යට
හීතලම හුළං පොද
බලා අවසන් මතක
නිමා නොකරනු කිමද...

බක් මහට මෙහි ආව
කොවුලෙක්ගෙ කෑ ගෑම
නොනැවතී ඇසෙන්නේ
හැර ගොසින් දෝ පියඹ...

වැහි බරම අහස් ගැබ
පාරනා මතක පොත
කොවුල් වැලපුම අතර
යළිත් හිත වෙලාගෙන...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 3 years ago ?????

සත්සරණි 3 years ago ?

චතූ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps