චතූ 3 years ago 112 2 1

Nisadas Image

නිකිණි වැස්ස

නිහඩ අහසේ චණ්ඩ
වැහි වළාකුළු ඇවිත්
මහ වැස්ස නිකිණි මහ
දිය කරයි දෝ ඉතින්...

අහිංසක හුළං රැල්
හරි නපුරු වෙස් අරන්
මගේ හිත එක්ක යළි
සටනකට දෝ ඇවිත්...

රෑ මැදියමේ සිටම
ඉර ගගන නැගෙන තුරු
එක සීරුවට වැස්ස
මහ හඩින් මෙහි අරන්...

පොහොය සදවත මුහුණ
මත අදුරු පට තිරය
එලූ වැහි කළු හොරෙන්
අහස් ගඟ බදු අරන්...

- චතූ

Comments (1)

Deesha(දීෂා)❤️ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps