Kaveesha Lakmali 3 years ago 64 3 5

Nisadas Image

නෙතින් හිනැහෙනු මැනවි සොඳුරී..?

මුව වැස්ම තුළ සුසුම් සිරවී
හැඟුම් ගුලි වී හද ගිලන් වී
පුන්සඳක් වන් මුහුණ සිහිවී
නුඹව නොම දැක හිදිනු බෑ සොඳුරී..

වරද දැන දැන ඉතින් මෙහි ආමී
නුඹේ දසුනින් සුසුම් දිය කරමී
ගතින් වෙන්වී සිතින් අප ළංවී
නෙතින් මුමුණමු සුපෙම් පෙම් ගී

නුඹේ නෙතු අග කදුළු රැන්දී
සැනසෙන්න තහනම් තුරුල් වී
නෙතින් හිනැහෙනු මැනවි සොඳුරී
වසන්තය හෙට ඒවි හිනැහී... ?
~~KaVee~~

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ???

✍️Nilushi Nisansala✍️ 3 years ago ???

ශශී❤️? 3 years ago Lassanai

Kaveesha Lakmali 3 years ago Thanks all ??

Chaතු? 3 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps