තූර්යා ඉඳුවරී 3 years ago 152 5 5

Nisadas Image

මගෙ සිහිනය

හැඩ වෙච්ච රතු පාට
රෝස පෙති වල රුවින්...
හීනියට එළිය වුන
පහන් දැල්ලක රසින්...
සීත හිරිකඩ ඇවිත්
දැවටෙද්දි හරි ළගින්...
නුඹෙ තුරුල ඕන මට
ගුලිවෙන්න උණුහුමින්....

දඟපාන හසරැල්ල
කෝල කම් කරයි නම්...
ඉඟිපාන හාදුවල
රහසේම බැඳෙන්නම්...
හීන් කෙඳිරිලි හඬින්
හද කීරි හැගෙයි නම්...
හුස්මකටවත් දුරින්...
‍යන්නෙපා මගෙන් නම්...

නෙතු පියා පපුව මැද
ආදරේ විඳගන්න...
අකීකරු දෑස් වල
තුරුලේම දඟවෙන්න...
සිහිවටන පෙම් රිදුම
ආදරෙන් විඳගන්න...
ඇස් හෙමින් පියවෙද්දි
මං නුඹෙම කරගන්න....

?තරූ සමනළී️?️

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ❤ woow nice??

✍️Nilushi Nisansala✍️ 3 years ago ?????

තූර්යා ඉඳුවරී 3 years ago ස්තූතියි දීෂා & නිලූ අක්කි

ශශී❤️? 3 years ago හරිම ලස්සනයි ❤️

චතූ 3 years ago Lassanai ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps