Kaveesha Lakmali 3 years ago 60 6 7

Nisadas Image

පාසල් සමයේ ප්‍රතික්ෂේප කල ප්‍රේමයක් අහම්බෙන් නෙත ගැටුණු මොහොතක ඇතිවූ සියුම් පසුතැවිල්ලක් ?

හුරුපුරුදු නගරයේ
නුහුරු නුපුරුදු මුහුණු මැද
හිතේ මුල්ලක
ලැඟුම් ගත් රූපයක්
රැගෙන යයි සිත
සත් වසක් ඈතට

කෝල සමනල් වයස
උදේ හවසට හිතේ එල්ලුනු
බස් රියේ පෙම් ගීත අස්සෙම
හොරෙන් විත් ඉඟි පෑව
ඇස් දෙකක් දඩබ්බර

සිත ළඟින් හිඳ වෙන්න දොඩමළු
සොයාගෙන හේතුවක්
මවාගෙන සරදමක්
සිනිඳු හිත කෙනිත්තුව
කෙලි කවට සිනහව

එදා මෙන් නොවේ අද
සැනසුම්ය සංවර ගමන
හිත් අදින තේජස් පෙනුම
නිවුනු නෙත හමුවන්න නොමදී
සිතුවෙමි මෙලෙස,

මගට වැස්සෙන් මීදුම් තැනූ
සියල්ලන් නෙත් පියවි මොහොතක
ළඟින් ඉදගෙන පෑව, කුළුදුල්ම පෙම්පත
වැහි දියට පෙඟෙන්නට
ඉඩ දුන්නේ ඇයි මම ?
~~KaVee~~

Comments (7)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤

ශශී❤️? 3 years ago Ohom dewl wenwa?

Kaveesha Lakmali 3 years ago ? මොනවා කරන්නද ඉතින් ?

✍️Nilushi Nisansala✍️ 3 years ago ?

දිනේෂ් මල්ලී 3 years ago සෝ සෑඩ් සිස්??

Kaveesha Lakmali 3 years ago ??

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps