Kaveesha Lakmali 4 years ago 88 5 5

Nisadas Image

වතුසුදු මලක් ?

පෙරුමන් පුරා ලැබගත් මනුසත් භවය
පින්වත් බව හැගුනෙ මවුපිය දුටු විටය
විදහා පැතුම් පෙති සියගණනක් සුවඳ
රැකුනේ මෙමා උයනේ රෝස මල ලෙසය

ආයුෂ සිඳී මවුපිය සුර ලොව වැඩියා
නෙක පැහැ සුවඳ මගෙ හිරු සඳු අරන් ගියා
සෙවණක් නැතුව පෙති ගිලිහී සැඟව ගියා
අද මම මෙහි වීමි වතුසුදු මලක් වෙලා

අනියත බවම දුටුවා හැම දෙයින් මම
වටහනු අවැසි නිවනේ සුව ලෝකයට
අවසර පතමි කෙටි කරනට මරු කතර
බුදු හිමි වැඩිය මග පිය මැන යමි මතුව..

~~KaVee~~

Comments (5)

සත්සරණි 4 years ago ?

Kaveesha Lakmali 4 years ago Thanks සත්සරණි ?

✍️Nilushi Nisansala✍️ 4 years ago ?

Kaveesha Lakmali 4 years ago Thanks nilu ?

ශශී❤️? 3 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps