සිතුවිලි පාරමී 4 years ago 89 2 4

Nisadas Image

නුඹ දකින්න ආසයි මම

මීදුම් පට දෑසට පටලයක් බැද
හීතලම හුලගක් ගත සිසිල් කරවන
කදු මුදුන් අතරින් ලා හිරු කිරණ එන
උණුසුම් තේ කෝප්පයක රස විදින
මේ ලස්සනම උදෑසනෙත්
හිත බලන් ඉන්නෙ නුඹ දකින්න
පේනවා ඈත ඉදන් නුඹ
ගෙල වට සලු පට ඔතාගෙන
දෑත් එක්කරමින් පිරිමදිනවා සීතලට
සදලු තලයට ආවේ උදෑසනම
මාව දකින්න ඇති ආසාවට වග
මං දන්නවා නුඹ නොකිව්වට
නමුත් නුඹ දන්නෙ නෑ නේද
මාත් ආවෙ මෙතනටම
නුඹ දකින්නැතුව මට
ඉන්න බැරි නිසා වග


❤පාරා❤

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago ?❤️?

සිතුවිලි පාරමී 4 years ago Thanks akkiyo

තිසරණී පාරමිතා ❤️ 4 years ago ????

සිතුවිලි පාරමී 4 years ago Thanks paramitha





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps