සිතුවිලි පාරමී 4 years ago 71 2 5

Nisadas Image

තාත්තා... ?

අම්මගෙ තනියට කොහෙදෝ හිටි මා මෙලොව ගෙනත් තියලා
ඔබ කොහි ගියෙදෝ අපව දමා දුර ඈතක පියාඹලා
මතකෙට එනවිට දෙනෙත් තෙමෙනවා මට ඔබ සිහිවීලා
මතු භවයක අපි හමුවී මෙලෙසින් වෙන්වී නොයමූ සදා

වසරින් වසරක් ගෙවී ගිහින්
තාත්තෙ මං දැන් ලොකු ලමයෙක්
අපි අතරේ ඔබ හිටියානම්
ඔබ තුටු වෙයි මා දිහා බලන්

අමතක නෑ මට හෙට දවස
තාත්තෙ ඔබ ඉපදුණු දවස
සමරන්නට බැහැනේ අපට
තාත්තෙ ඔබ අප ළග නැතුව

ඔබ මියැදෙනකොට මං පුංචි
දැන් නම් මගෙ බර ගොඩක් වැඩී
වෙනසක් නෑ මගෙ අප්පච්චී
තාමත් ඔබෙ මැණිකයි චූටී


❤පාරා❤

Comments (5)

Deesha(දීෂා)❤️ 4 years ago ??

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි❤️ ඒත් දුකයි ?

සිතුවිලි පාරමී 4 years ago Thanks ❤❤

සත්සරණි 4 years ago ??

✍️Nilushi Nisansala✍️ 4 years ago ???????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps