සිතුවිලි පාරමී 4 years ago 92 3 8

Nisadas Image

මගෙ පණටත් වැඩියෙන් මම නුඹට ආදරේ

මුළු ගෙදරම කල එළියලු
ආයෙත් අම්මෙක් වෙලාලු
ගේ පුරාම කිරි සුවදලු
නුඹ ඇවිදිල්ලා

නුඹ බලන්න නෑ පිරිවර
ඇවිදින් තෑගිත් අරගෙන
මා කාටත් වී අමතක
නුඹ ඇවිදිල්ලා

හුරතල් කර කර ඉන්නට ඉස්සර වාගේ
අම්මට අප්පච්චිට නම් දැන් නෑ කාලේ
කොපමණ වෙනසක් වීදෝ නුඹ ඇවිත් මලේ
දැන් මා නිදියන්නෙත් අත්තම්මගෙ තුරුලේ

මට නම් දැනෙනවා ආදරෙ අඩුවෙලා වගේ
කාගෙත් ආදරෙ ලැබෙන්නෙ නුඹටමයි මලේ
තරහක් නෑ කවදාවත් නුඹට මගෙ හිතේ
ඔය කාටත් වැඩියෙන් මම නුඹට ආදරේ


❤පාරා❤

Comments (8)

Deesha(දීෂා)❤️ 4 years ago ❤️?

සිතුවිලි පාරමී 4 years ago Thanks දීෂා අක්කියෝ

Deesha(දීෂා)❤️ 4 years ago Email eka mokkda oyge

Deesha(දීෂා)❤️ 4 years ago සොඳුරු මිතුදම් සිහින අතරේ සෙනෙහසේ ලොව එළිය වේවා! ඔබේ සුන්දර සිහින ලෝකය සැබෑ වී දිවි මඟ දිනේවා!!❤️

සත්සරණි 4 years ago ???

සිතුවිලි පාරමී 4 years ago Thanks sathsarani❤

✍️Nilushi Nisansala✍️ 4 years ago ලස්සනයි

සිතුවිලි පාරමී 4 years ago Thank u nilu❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps