Deesha(දීෂා)❤️ 4 years ago 94 5 6

Nisadas Image

අස්වැසිල්ල......

රුදුරු රළ පෙළ හඬ හඬාවිත්
වෙරළ ඉම ගිම් නිවාලයි...
සිතේ ඇති සිත් තැවුල් වෙරළේ
දමා සැනසී යන්න යයි ...
තවත් විටකදි රළ පෙළක් විත්
ගල් කුළක් වෙත දුක කියයි...
තිබූ හිත තව තවත් පෑරී
සත් කඩක් වී විසිර යයි...
සිතක් නිවනට අවැසි වේමය
ඇහුම්කන් දෙන මුදු හදක්
කළු ගලක් ලඟ කිසිම විටකදි
නොසොයන්න අස්වැසිල්ලක්.......

........?????..........

Comments (6)

සිතුවිලි පාරමී 4 years ago ලස්සනයි ❤

Deesha(දීෂා)❤️ 4 years ago Mmm❤️ thanks පාරා?

සත්සරණි 4 years ago ??

Deesha(දීෂා)❤️ 4 years ago Thanks?

✍️Nilushi Nisansala✍️ 4 years ago Its very nice dear ???

Deesha(දීෂා)❤️ 4 years ago Thanks?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps