Amila Prasad Hapugoda 5 years ago 162 17 10

Nisadas Image

නුඹ නොවේ පලමු මල..

නුහුරු කටු මත ඉපදුනේ නුඹ 
නපුරු බව දැනගෙන නොවේ 
සැලෙන නල කටු තුඩින් ඇනුනද 
නොහඬනා මල් කැකුළියේ 

විහඟ ගීයක සැදැහැ දෑතක 
නොගැටී පින්මද බොලදියේ 
කටුක දුක් කප්පරක් නුහුලන 
ගැහැනියක  දුටුවෙද ලොවේ 

සුළඟ ගෙන ආ සෙනෙහෙ පණිවිඩ 
බමරු වෙත ආපසු යවා 
උරණ හිරු හා පෙමින් බැඳුනද
ළපල්ලක මදහස පොවා 

රතුම රතු බිම පතිත පෙති මත 
කඳුළු බිඳු රැඳුනද මගේ 
කියමි කුමරිය මෙලෙස මියදුනු 
පළමු මල නම් නුඹ නොවේ........

Comments (10)

Arvin Jayanake 5 years ago Nice one machan... Keep it up...?

Kasun Rangana M W 5 years ago Harima lassanai pren. Lokema jayaganna suba pathum !! (Meka kellekgen ussapu ekak neda ?)

madushi kalpani 5 years ago ?? Harima lassanai

Nipuni Tharanga 5 years ago Nice

Sakunthala Sakunthala 5 years ago Harima lassanai

Harshani Kumari 5 years ago Nice

✍️Nilushi Nisansala✍️ 5 years ago Its very nice.

Rohini Padivita 3 years ago මාරම ලස්සනයි අයියේ. තව හොදට කවි ලියන්න ශක්තිය ලැබේවා!

චතූ 3 years ago හරිම ලස්සනයි ???

නදී ..✍???? 3 years ago ගොඩක් ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps