✍️Nilushi Nisansala✍️ 4 years ago 68 6 6

Nisadas Image

සැබැවින් ම සතුට ඇත්තේ අතහැරීම තුළ පමණයි .

කළා ආදරේ මමත් නුඹහට
තවත් බෑ මා රවට්ටන්නට
මම නොවේ බොරු කළේ නුඹේ සිත
එකවරක් නොව දෙවරක්ම පිටපිට
කොතෙක් ආදරේ කළත් නුඹහට
නොහැගෙනා සේ ඉන්නේ කොහොමද ?
හඬා වැටෙනා විටදි පා ළඟ
සිටියේ නිහඬව ගලක් දෝ සිත ?
යළි නොඑම් මා දෙනෙන් අසලට
අහම්බෙන් මුණගැසුනොතින් මිස
දුකක් මිස තරහක් නොමැත මට
හිදීනම් නුඹ සතුටේ දොරකඩ
නුඹ ගියත් වෙන ලදුන් සොය සොය
මට හොඳයි මගේ පුරුදු තනිකම
සතුට රජයන සොඳුරු හෙටකට
යළි යළිත් සුභ පතනවා මම !

Comments (6)

තූර්යා ඉඳුවරී 4 years ago ඒකනම් ගොඩක්ම ලස්සනයි නිලූ....????????

Ishara Sapuarachchi 4 years ago godak lassnai

✍️Nilushi Nisansala✍️ 4 years ago Thankyou ?

Chathuranga Chathuranga 4 years ago Lassanai

Rasika Maduwanthi 4 years ago ගොඩක් ලස්සනයි මන් මේ app එකේ කියවපු මුල්ම nisadhasa මේක

✍️Nilushi Nisansala✍️ 4 years ago Thankyou .comment karapu Okkoma ayata eka loku diriganvimak thawa thawa liyanna





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps