Sandu U Nanayakkara 2 years ago 22 4 3
ජීවත් වීම, මරණය කාටත් පොදු ය
ජීවත් වූ කළ දී පිං රැස් කළ යුතු ය
පෙර පව් කර්ම කාටත් පල දී ලැබි ය
පව් පල දීම කාටත් ලේසියක් නැති ය
කරන කලට අකුසල් බෝ අය සිනා සිසී
විඳින කලට එපව් කම් සියොලඟ ම දැවී
සෙනෙහසින් බැඳී උන්නත් ජීවිතේ එතී
මරණෙන් කෙලවර වේවී ඒ සියළු ගතී
ආදර, සෙනෙහස නැත ප්‍රේත ලොවේ
අම්ම, තාත්තා, නෑ සිය කවුරු වෙතේ
මරණින් පසු නොලැබූවොත් මිනිස් වෙසේ
ප්‍රේත, ප්‍රේතිය යි ඉන්පසු නාම නැතේ
අපිට කරදරයි කපු අයියේ මේ අයගෙන්
මොකට එනවාද මෙහෙමත් අපි පස්සෙන්
අල්ලා හිර කර දාමුද බෝතලයේ කටකින්
කියලා කිව්වාලු හත් දවසෙදි හැඬූ කටින්
?සඳූ..
Gihani 2 years ago ඇත්ත...???
✍️Nilushi Nisansala✍️ 2 years ago Sad truth of our society .?
චතූ 1 year ago ඒක නම් ඇත්තමයි. ලස්සනයි අදහස