Sandu U Nanayakkara 4 years ago 108 3 1

Nisadas Image

පිට ගෑණි ඈ..

හිතැති ආදර මව්පියන් හැර
කුඩා කළ සිට වැඩුණු
ගේ හැර
පැමිණි දා සිට ඔහු සමඟ
ඇය..
වුණා ප්‍රිය බිරිඳ ඔහුගේම..
උදෑසන සිට නින්දට යන තුරා ම
කරන්නීය ගෙදොර වැඩ
මඟ නොහැරාම..
කෑවද..බීවද..ලෙඩට..දුකට..
සලකන්නීය..
සනසවන්නීය..
දෙවැනි මව ඈය..
දුක සැප සම සිතින් දරා
සෙනෙහෙ පුදන්නීය..
ඔහු නමින් දරුවන් හදා
දුක් ගැහැට විඳින්නීය..
එනමුදු අවසන අසයි දොස්මුරය..
*උඹ පිට ගෑනී ය*?
සඳූ#

Comments (1)

චතූ 3 years ago ම්...ඒක තමයි.





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps