Sandu U Nanayakkara 5 years ago 94 2 0

Nisadas Image

වෙසඟේ සැබෑ සිරිය විඳගන්න..

යාළුවනේ..අපිට නැතිවුණේ "වෙසක්" නොව..වෙසක් කලාප පමණයි..වාණිජකරණය වුණු ලෝකේ ආමිසයෙන් පමණක් ම වෙසක් සැමරීම නවතා ප්‍රතිපත්තියෙන් වෙසක් සමරන්න ගත්තු ඒ ව්‍යාමය අතිවිශිෂ්ටයි.
ගෙවුනු වසර තුළ එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින්, වෛර කරමින්, කලකෝලහාල ඇතිකරමින් ජීවත්ව වසරකට එක් දිනක් පමණක් ආමිසයෙන් සංග්‍රහ කිරීම සුදුසු නැත.කළ යුත්තේ බෞද්ධයා ප්‍රතිපත්තිගරුක වීමයි,ගිහියන් විසින් රැකිය යුතු නිත්‍ය ශීලය ආරක්ෂා කිරීමයි.
නිවසේ දල්වන බුදු පහන ඇරුණු කොට බෞද්ධයාට වෙනත් ආරක්ෂාවක්, පිහිටක් නොමැත.මේ වෙසක් අසිරියේ සැබෑ සිරිය විඳගන්න..එකමුතුව වැඩ කරන්න..යහපත්ව ජීවත්වන්න,බවුන් වඩන්න, ක්ලේශස්ඛන්ධයෝ දුරලන්න,විරාගය වඩන්න, මෝහයෙන් මිදෙන්න, නිර්වාණය වෙත පියනගන්න.
"සුබ වෙසක් මංගල්‍යයක් වේවා!"
*සඳූ*

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps