Sandu U Nanayakkara 5 years ago 111 3 7

Nisadas Image

අම්මා..

කව් ගී මොටද ඇගේ උනුසුම ඇත නිම්මා
පෙව් කිරි වලට ණය ගෙවන්න බෑ අම්මා
හුරතල් කතා කියමින් දැඩි කළ අම්මා
දිවි ඇති තුරා කරනෙමි පෙම් මගෙ අම්මා

සිඟිති දෙපා පොඩි හිමිහිට අත ගෑ අම්මා
මගේ සුදුමැණික කෝ යැයි සෙව්වා අම්මා
නිරතුරු ස්නේහයෙන් මා සැනසෙව් අම්මා
හැමදා වදින්නෙම් මගෙ ලොව සඳ අම්මා

සැර වැර කලත් සුළු මොහොතින් ඔබ නිහඬයි
මා ලොව සවිය ඔබමයි උණුසුම පහස ඔබයි
නැත වෙනතක් ඔබමයි මගේ සතුට එයයි
අම්මේ ඔබයි මගෙ ලොව මිණි පහණ ඔබයි

පතන පතනා හැම පැතුමම ඉටු වේවා!
සසර කම් සිඳී සියොලඟ බැබලේවා!
නිදුකින් පීරී ඔබෙ මුව රඳ වැජඹේවා!
මගේ මෑණියන් හට ආයුෂ වැඩි වේවා!

සුබ උපන්දිනයක් වේවා අම්මා!

Comments (7)

තූර්යා ඉඳුවරී 5 years ago රෝස මල් මිටක් නොව ජීවිතය හැමදාම දුක් කඳුළු සෝ සුසුම් මතුව එයි වරින් වර අතීතය මුවාකළ තිබුණිනම් දුක් ගැහැට සියල්ලම ඉවත් වී නැවුම් හෙට දිනක් වී යස ඉසුරු මල් පිපුණු සතුට සැනසුම පිරුණු පැතුම් ආසිරි මිටක් සුබ උපන් දිනයකට..

තූර්යා ඉඳුවරී 5 years ago අයියෝ භාගයයිනේ තියෙන්නේ අක්කියෝ ඔයාට දාපු කමෙන්ට් එකේ

Sandu U Nanayakkara 5 years ago E mko e???

තූර්යා ඉඳුවරී 5 years ago අනේ මන්දා අක්කි. අක්කිගෙ අම්මා වෙනුවෙන් නිසඳැසකින්ම සුභ පැතුවේ. ඒත් ඒකේ භාගයයි ඇඩ් වෙලා තියෙන්නේ මැණිකෝ...

Sandu U Nanayakkara 5 years ago Ane..ehmda??thanq patto?

Umeshika Nethmini 5 years ago Eka lassanai

Sandu U Nanayakkara 5 years ago Thanq nangoo?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps