Iroshi Weerasuriya 5 years ago 90 8 4

Nisadas Image

අවසර දුන්නේ කවුදෝ

අවසර දුන්නේ කවුද නුඹට
මගෙන්වත් නාහා
මගේ හිතට එන්න...

අවසර දුන්නේ කවුද
මටත් නොකියාම
මගේ හිත හොරා ගන්න...

අවසර ගත්තේ කාගෙන්ද
මගේ හීනයේ
රෑ පුරා හිනහෙන්න...

අවසර ගත්තේ කාගෙන්ද
මගේ කවි අස්සට ඇවිත්
අකුරු වෙලා ලියවෙන්න....

අවසර නොගත් නුඹවම
අද හිත හොයන තරම්
එක සැරයක් ඇවිත් යන්න
මගේ අයිතිය නුඹටම දෙන්න....

Comments (4)

මවුල ඌශියන් අධිකාරම් 5 years ago අකුරු නොදත් හදකින් නෙත් කැන් රැහැනින් බැදේ හුයකිනින් මෙන් සුරත

fahad ksa 4 years ago Its vary biutiful

Deesha(දීෂා)❤️ 4 years ago Woow ඒකනම්❤️

චතූ 3 years ago හරිම ලස්සනයි ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps