Sandu U Nanayakkara 5 years ago 91 7 5

Nisadas Image

පිං ඇති වරම..?‍?

සොයා පිළිසරණක් ඒ මේ අත දුවනා
කලක් එළඹී නිමේෂයෙන් වෙලෙනා
නෙක නෙක මත ඇත එකිනෙක ගැටෙනා
දැනුම්-සයුර තරණය අපහසු වී පෙනෙනා

දිගු කාලයක පාසල් ගමනේ නිමාව
සටහන් කළා අපහසුවක් ගෙනාව
ලබැදි හිත මිතුරු සුවඳක දයාව
අවසන් කලා පාසල් විය මනාව

සිහින අකුරු එකපෙළ එක අමුණාවී
ගමේ පාසලේ බැඳි සුව දැනේවී
නිබඳ දිරිය විදු පියසෙන් ලැබේවී
සවිය කිරුළ ඔද තෙද බල දිනාවී

සරසවි වරම ලැබ ආ දා පාසලට
කිත් යස ලබා දිනුවා මුළු ලොව පෙරට
නොලැබූවත් වෙන වරමක් මතුදාට
පිං ඇති වරම "සරසවිය" යි මගෙ ලොවට

* *සඳූ **

Comments (5)

තූර්යා ඉඳුවරී 5 years ago ලස්සනයි මැණික.....

Sandu U Nanayakkara 5 years ago ස්තූතියි ?

Oshan Chinthana 5 years ago ලස්සන

✍️Nilushi Nisansala✍️ 5 years ago ?

Sandu U Nanayakkara 5 years ago ස්තූතියි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps