Ranatunge Jayawardene 3 weeks ago 39 0 0

Nisadas Image

දෙගුරු

ප්‍රේමිය ගෙන විත්
මා ඇස ගස්වා
ඉඟි බිඟි රැඟුමෙන්
ඈ හා වැයුමෙන්
***
මන් මත් කරමින්
රාග තාලයට
මන ඉඩ දුන්දා...
මංගල ස්වරයෙන්
***
කය හා ගැටුමෙන්
අවසන් වී ඇති
ප්‍රත්‍යය නුඹ වෙයි!
පියකරු පුත ඔබ...
***
අතහැර දැම්මත්
අමතක කෙරුවත්
වෙන' තක තැබුවත්
ඈතක යැව්වත්..
***
අප, හැර නොගියේ,
වෙන් වී නොගියේ..
සසර පුරාවට
නුඹ, අප පසු පස..
අපි, නුඹ පසුපස.
-----------------------------------------
රනේ/07අප්‍රේ2024/දෙගුරු

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps