✍️Nilushi Nisansala✍️ 5 years ago 97 11 1

Nisadas Image

නොඑනු යළි කිසිදා

අහස පොළොවට පෙම් කළේ නෑ
හිමිනොවන බව දත් නිසා
එහෙව්, නුඹ ළග සොයා සැනසුම
අතරමං වී ඇත මේමා....

පටන්ගත් තැන නතර කළ ගිය
පෙම් කවක ඉතිරිය ලියා
තව කොතෙක් දුර යා හැකිද? මට
දැවෙන හද සතුටින් කියා....

අදින් පසු එන තව දිනක් ගැන
හිදින්නද? පෙරමං බලා
හිමිනොවන බව දැන දැනම නුඹ
කඳුළු අතරින් හිනැහිලා.....

අපේ නොමියෙන සොදුරු මතකයේ
මගේ ආදරේ සොය සොයා
එපා යන්නට අතරමං වෙයි
මගේ හිත තුළ නුඹ සදා.....................

Comments (1)

මවුල ඌශියන් අධිකාරම් 5 years ago කවියක් ලියා අවසන් සුසුමේ පාවි දැවටි ඔබේ ගතේ නිම නොවෙනා ගමනක් කියාවි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps