*$@n¢hi* 2 months ago 37 1 3

Nisadas Image

මතක හෝරාවක් ...❤️...

කර්කෂම මාවතක
දෙනෙත් අතර මග
සිනහ රැළි නොව,
උණු කදුලැලිය...

දෑත අද්දර සැගව තිබුණේ
කරගැට නොවේ ඒ,
විඩාවේ උස් කදුය
පුදුමයි නුබ කැවූසැටි ආලයේ රස මිහිර...

පන්හිඳටත් වාරු නැතිවද
මතකයේ ඉමිහිරිම තැන,
සුව කරනු කිම
ලයේ ඉරිතැලුම් වල ගැඹුර...

කවදා කොතැනකදි හෝ
අවසනක් නැත,
අමාවක වුවත් සද ඇත
අහස මත...


පිය සෙනෙහසේ ගුණ මෙනෙකැයි
කියනු කිම....

~sahini~


Comments (3)

Mahesh Niroshan 1 month ago ❤❤❤

Ranatunge Jayawardene 1 month ago සුව කරනු හැකි කෙලෙස? ලයේ ඉරි තැලුම් ගැඹුරුය.. ( ජය!)

*$@n¢hi* 1 day ago thank you ????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps