Ranatunge Jayawardene 5 months ago 43 0 0

Nisadas Image

දිනුම

දිනිඳු බලා
මල් පිපිලා
සොමි රැසකින්
එලිය වෙලා
***
නිදි හැරදා
අවධි වෙලා
රෑන් රෑන්
එති දුවලා
***
අඳුරු වලා
මෑත් වෙලා
රිදී සිනා
එළි බැහැලා
***
නගන මෙනා
මිහිරි වෙනා
කන්කලු නද
දසත යනා
***
වෙහෙස වෙලා
බිජු වපුරා
දෝත පුරා
ඵල ලැබිලා
***
උගෙන මනා
ශිල්පයෙනා
මයෙ පැටවුන්
එතෙර වෙලා.
---------------------------------------
රනේ/05නොවැ23/ දිනුම

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps