*$@n¢hi* 9 months ago 111 4 0

Nisadas Image

ඉතින් නුඹ තව දුර ගියෝතින්... Reply song ;

යනව නම් මා ඈත දුරකට
ඔබට නොකියාම නොඑන්න,
මා....නොදුටු සදවත ගුවන
සිසාරා නොම සොයන්න....

මගේ මග දිග තුරු ලතා වල
පිපෙන මල් නොම සොයන්න
ඔබේ ආදර කතාවේ එක
මලක් බව, මම කියන්න....

පියුම් දහසක් නොපිපි පොකුණක්
හමු නොවූවත් රැදෙන්න
බඹර ගුම් නද සමනලුන් නැත
සෙනෙහසේ ගී කියන්න....

ඉතින්,
මා තව දුර යන බව දැනන්
මාව අමතක කරන්න
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මා... නුබේ කවියෙම රදන්න....❤

~sahini~

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps