Withanage DCS 5 years ago 109 3 2

Nisadas Image

"මනුස්සයා අහිමි ලඳ"

හිමි අතැර ගිය ගැහැණිය
හුරතල් පුංචි කෙල්ලක් සමග
දිවි ගෙවන කුලී ගෙවල් පෙ⁣ලේ
කොණේම කාමරේ
මාස ගණනක්ගෙවී ඇති
බඩේ ගෙඩියක් ඇතැයි කියමින්
දොරවල් වසා දහවල වන තුරුත්
දිනෙක ඇය සිටියෙ...
පුංචි දැරිවිය අසල ලඳකට බාරදී
සඟවනු රිසිව රහසක්.....
විපරමින් සිටි අසල නිවැසියො
දුටු විගස ඈ නිරුවතින් නිවස තුළ
නොනවතින ලේ ගඟ
ර්‍ුරුහිරු නාගෙන සියොලඟම
රත් පැහැයෙන්
1990ට දුන් හදිසි ඇමතුමෙන්
හඞ නගා ආ ගිලන් රිය ඇසිල්ලෙන්
ඇය රැගෙන පියෑඹී රෝහලට..
ගෙවුනේ තවත් හෝරාවන් දෙකෙකි.
පොලීසිය කැටුවදෙවනුව ආ ගිලන් රිය
රූපවාහිනී කැමරා සමග.
ඇගේ කුටියෙන් අලුත උපන් නිවුන් දරු
දෙදෙනෙකු සමග බෑගයක් දොරමුල්ලේ
තිබී හමුවූ බව මාංධ්‍ය නාලිකාවන්හි
දිවා ප්‍රවෘත්ති සමග
කුතුහලයෙන් සපිරි දනන් සිත්
අපූර්වත්වයෙන් කළඹන
තුටු ජනන පුවත ඇසුණු සැනින්
අසන්නන්ගේ
අසැබි වදනින් ඇණුම් බැණුමි
හා නොනැවති එල්ල වන චෝදනා
ගල්මුල් පහර වන්.
මනුස්සකමින් තෙත් වූ අසල්නිවැසියෝ
ලෙයින් තෙත් ඇඳුම් ඉවතට ගෙන ගිණිලා
ඇගේ කුටිය පිරිසුදු කර දුන් වරදට .....
කටඋත්තර සාක්ෂි පිණිස පොලීසියටද....
"අම්මාගේ චූ එකෙන් ලේ සමග අත් පොඩි එළියට එනු දුටු " බවට නොදන්නා බසින් ...


Comments (2)

Withanage DCS 5 years ago මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම සමගාමී ව අදහසකි.

තූර්යා ඉඳුවරී 5 years ago Lassanai..





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps