✍️Nilushi Nisansala✍️ 5 years ago 146 7 6

Nisadas Image

මගේ අම්මා .

නෑ බඩගිනි ,මගේ දුවේ
උඹ කාපන් ඇති තරමේ,
ඇයි ? මට මේ අලුත් ඇදුම් ,
එමට ඇඳුම් පෙට්ටගමේ.
අව්ව වැස්ස මට තරමට
කාටද හුරු අපේ ගමේ
අදනම් ඉර සැරයි නේද ?
උඹ පලයන් ගෙදර දුවේ.
මට තාමත් නෑ නිදිමත ,
උඹ පාඩම් කරන් දුවේ
මම ඉන්නම් උඹේ තනියට
නිදිමතනම් කියන් දුවේ .
හිනාවෙයන් දුක සගවන්,
උඹේ උරුමේ කදුලු නෙමෙයි.
අද විතරයි මේ කළුවර ,
අපිටත් ඉර පායාවී ,දුවේ !!!!!!

කුමට කව්කම්
ලියනු බැරිනම්
එකදු කවියක්
නුඹ
නමින්.
උපන් දා සිට
දෙනෙන් සේ රැකී
මගේ ආදර
මැණියන් !!!!!!!!



Comments (6)

තූර්යා ඉඳුවරී 5 years ago Godak lassanai akki. Mata mage ammai appachchiy mathak una. Mage ammai appachchiy mage langa nehe. Mage jeewithe weerawaru mage ammai appachchiy. E denna nisai ada mama ada guruwariyak widiyata me samaje issaraha wedagath widiyata inne. Mage ammai appachchiy oya wage akki.

Withanage DCS 5 years ago ඇත්ත අම්මගේ තාත්තගෙ අගේ කියන්නට වදන් මදි මවුබසේ

sagarika lasanthi 5 years ago Godak lassany

Oshan Chinthana 5 years ago හරිම ලස්සනයි

Deesha(දීෂා)❤️ 4 years ago ❤️❤️❤️?

✍️Nilushi Nisansala✍️ 4 years ago Thankyou





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps