තූර්යා ඉඳුවරී 5 years ago 220 6 3

Nisadas Image

අම්මා...

දිවියෙහි අඳුර දුරු කර සඳ මඩල වගේ
හදිසියෙ දිවංගත විය මව්තුමිය මගේ
ගුණ සමුදාය අඩු නැත මහ සයුර වගේ
දින දින වැඩිවේය අම්මේ ඔබගෙ අගේ

ඔබ මා නිසා අපමණ සතුටක් වින්ද
සැමදා කෙළින්, ඇද නැහැ ඔබෙ පිට කොන්ද
තෙපළූ වදන් හරි පුදුමයි මන නන්ද
ඔබ නැති වුණත් මම සමරමි ගුණ කන්ද

පුහු නම්බුවට ආටෝපෙට කැමැති නැත
මසුරු සිතක හැටි කොහොමද දන්නේ නැත
කිසිදින පවට ඔබ සිත යොමු කළේ නැත
අම්මේ ඔබය මා දුට එකම පින් කෙත

පෙරටම යන්න ආපස්සට නොම යන්න
මසුරන් වටිනවා දුන් ඔවදන් ගොන්න
අම්මා නොමැති දුක බැරිමුත් ඉවසන්න
අම්මේ අමාමහ නිවනින් සැනසෙන්න


( ආදරණීය මෑනියණි, නුඹට නිවන්සුව ලැබේවා!!!!!)

?තරූ සමනළි?

Comments (3)

sagarika lasanthi 5 years ago Api hamotama kawadshari dawasaka me loke hamadeyakma dala yanna wenawa mge sahodarii. Duka daraganna amaru unath....gewena hama thathparayakama sithin ho pindaham wala niratha wela pin anumodan kiriimen ammage mathu bhawaya yahapath karanna oyata puluwan sahodarii.

තූර්යා ඉඳුවරී 5 years ago Eka eththa sudu. Eth mage amma witharak newei mage appachchith mata ahimi una masekata kalin.. godak amarui mata e wedanawa daraganna.

Deesha(දීෂා)❤️ 4 years ago ? ammi, appachchi❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps