Withanage DCS 5 years ago 93 3 3

Nisadas Image

සොදුරු රන්වන් ලිය

වත කමල සුපිපි
සියපතසෙ
සොදුරු පිය ලදුනි
රන්වන් රුවින් හැඩවූ
නුඹ හා දොඩමලු වනු රිසිනි
නැග ආයෙ පිය ගැට
මා යළි යළිත් වසරින් වසර මසින් මස
දුක වෙහෙස
නොගෙනම සිතට
ගල් බෙදෙහි සැගව ගත්
වළා වෙහි මුවා වී
සිහගිරෙහි මිහිදුමෙහි
දුහුල් සලුවෙන් තිසරුන් මුවා

සියොවැ ආමි සුදු දනන් හා
දුරු රටින් මෙලක සපැමිණි,
නොලදින් ඇසිල්ලක්
නුඹ හා හුදෙකලා වන්නට
මා සිත දැවෙයි තැවෙයි.
සොදුරු පිය ලදුනි කැකිරි දසන්පා
සනසනු මැනවි පෙලුණු මා සිත.
නෙතග බැලුමින් හා මදහසින්
කැඩපතෙහි නැති බැවින් ඉඩ හසර නොලියමි කුරුටු ගී

Comments (3)

තූර්යා ඉඳුවරී 5 years ago ලස්සනයි අයියා..

✍️Nilushi Nisansala✍️ 5 years ago Nice ?

Withanage DCS 5 years ago තුති සැමට රස විදි ම'කවි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps