Sandu U Nanayakkara 5 years ago 93 4 4

Nisadas Image

**මෙහෙණියක් ඇය..**

කවක් වූ අද දසුනක් එදා මට
සොඳුරු යුවතිය පෙරදිනේ මට
සියළු කෙලෙසුන් බිද දැමීමට
වෙර දරන්නිය ශාසනේ සිට

තැඹිලි සිවුරකි ගත දැවටූ
ගත සිත නිවූ මෙහෙණියක වූ
ලොව්‍තුරා ගමනින් එතෙර වූ
ශාන්ත වූ අමා සුවය ම පැතූ

එදා සිටි ඔබම ද මේ
සිතා ගනු බෑ මට ලඳේ
පෙම් කවක් ලියූ ඒ රුවේ
කොහොම වෙනසක් ද සිදු වුනේ

ප්‍රේමයේ සිහසුන් දරා සිටි රණ හංසිකාවිය ඔබයි
මා හදේ ලැගුම් ගත් මා ප්‍රිය දේවතාවිය ඔබයි
පෙර කෙරූ මහ පාප කර්මෙට ද්‍රෝහි වූ නරුමයා මමයි
සමාවෙනු මට සමාවෙනු මට සියළු දුක්ගිනි දුන්නේ මමයි

දෛවයේ හමුවීමක් ලෙසින් අද
මුණගැසුනත් නුඹේ වත සඳ
මට අයිති නැති වග ඒ ලඳ
පෙන්නුවා නුඹ එකී සරදම්- රන්කඳ

**සඳූ**

Comments (4)

තූර්යා ඉඳුවරී 5 years ago සුපර්බ් අක්කියෝ.....

✍️Nilushi Nisansala✍️ 5 years ago ?

Sandu U Nanayakkara 5 years ago Thanq nangiyoo?

Withanage DCS 5 years ago අපූරුයි කව ...බොහෝ තුති ....





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps