Sandu U Nanayakkara 5 years ago 87 7 4

Nisadas Image

මගේ පණ...❤❤❤❤❤❤

අහම්බෙන් හමුවුණු නුඹ ....
මහමෙරක් වුණා මගෙ දිවියට..
හිඳිනු කෙලෙසක..
නුඹ නැතිව මම..
හිතන්නටවත් බෑ පණ..
සත්තකින් මේ හිත තුළ..
ප්‍රේමය උපන්නේ ඔබ නමින් බව..
යළි යලිත් පසක් කරමි මම..
මැරුණු මගේ දිවියට පනක් එක් කලේ..
ඔබයි ඔබේ සෙනෙහස බව..
කොහොම කියන්නද සබඳ...
සසර පුරුද්දට බැඳුනු මේ ස්නේහය..
රකින්නෙමි සදා..හද ගැහෙන තුරාවට..
රන්ඩු සරුවල්, සිත් තැවුල්, බැනුම් කෝටියක් මැද...
එකට ආවේ නොබිදෙනා ප්‍රේමයෙන් බව..
කිසිවෙකුට වත් වෙන් කරන්නට බෑ අපේ ඒ විශ්වාසය..
ප්‍රේමය, ආදරය, රැකවරණය, අවබෝධය එක් මුසුව...
මෙතෙක් කල් ආ ගමන් මග..
පසුපස හැරී බැලූ විට ඇත්තේ...
අසීමිත වූ ප්‍රේමයේ කැපකිරීම බව...
ඔබ දන්නවාද...
මගේ පණ...❤❤❤❤❤❤❤

**සඳූ **

Comments (4)

මවුල ඌශියන් අධිකාරම් 5 years ago අවසන් සුසුම් හෙලනා මොහොතේ අවසන් නොවනා මතකයක් වෙන් වු පෙම් සිත් අතරේ වෙන් නොවු සිතක්

Sandu U Nanayakkara 5 years ago නොමියෙනා මතක තුරුළු කරගත් ප්‍රේමයක්... වෙන් නොවෙයි කිසිදා එයත් එක් සැබෑ ප්‍රේමයක්.. ❤❤

මවුල ඌශියන් අධිකාරම් 5 years ago විරහ වේදනාවෙන් මොර දෙන මතක සංග්‍රාමයක් දහස් මල් අතරින් රොසමලකට පිදුනු පුජාසනයක් එයයි සැබෑ පෙම

Hansinidukin enu mana Hanisi 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps