චතූ 5 months ago 62 3 2
සැඳෑ අහසට අඳුර අරගෙන හදිස්සියෙ ඉර මුවා උනහම
අමාවක හිස් අහස මැද්දේ සඳේ සේයාවකුත් නොවුනම
හදිස්සියකින් කඩා වැටෙනා තාරුකාවක් දෙකක් දැක්කම
අදත් ගැස්සෙන හිතක් ඇත මට රිදුම් දෙන මතකයක් එක්කම...
රතුම රතු දිග වලාකුළු ඇති හවස අහසක් පුරා පැතිරුන
දුකම දුක නිශ්චලම දවසක හුදෙකලා හිත පුරා නැවතුන
අනවසරයෙන් හිතට ගොඩ වී හිතේ ගැඹුරුම තැන් හොයාගෙන
කඩා වැටෙනා තරුවක්ද නුඹ එකම කවියක් ලියා මියැදුන...
දුරුත්තේ හීතලම හවසක අහසෙ රහසේ පාවෙලා එන
රිදුම් සීරුම් කඳුලු එක්කම මතක හසරැල් නිවා දල්වන
මැකුණු පා සටහන් පිරුණු බිම අපේ මතකය සොයාගෙන යන
බිඳෙන බව දැන බැඳුනු තැන්වල තිබුණේම හරි අමුතු ලස්සන...
චතූ
Deesha(දීෂා)❤️ 5 months ago ගොඩක් ලස්සනයි අක්කි ????❤
Naween Perera 4 months ago ලස්සනයි චතූ ❤️