චතූ 1 year ago 187 5 2

Nisadas Image

පෙම්වතෙකුගේ කවක්


දුරුත්තේ හීතලට හැඟුම් කැටි ගැහෙද්දී
ඇසළ මහ පිණි පොකුරු හිතට ගොඩ වැදෙද්දී
වැහි හුළං හීතලට හැඟුම් පොදි බඳිද්දී
නිශාවට වැටෙන පිණි කඳුල ඇය මුවැත්තී

සීරෙනා පෑරෙනා හිතම ගිනි ගනිද්දී
නැගෙන ගිනි දැල් පපුව අවුළුවා තබද්දී
හීනයෙන් හීනයට නුඹව සිහි ගැනෙද්දී
මටද මා අහිමි විය ප්‍රේමයක් දැනෙද්දී

වසන්තය නිමවෙන්න පෙර දෑස හමුවෙන්න
දිගු නොනිදි රෑ ගණන් එපා ආයෙත් එන්න
ප්‍රේමයේ පිපාසය සිඳුවමින් සනසන්න
පෙම්වතී වැස්සක්ව හද මලට බරවෙන්න



චතූ ✍️

Comments (2)

Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි අක්කි ????????❤

shashi 1 year ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps