චතූ 5 months ago 56 4 2
සිහින් සරයෙන් මහද උයනේ පිපී හිනැහෙන එකම කුසුමක
සුවඳ සොයමින් කල්ප කල් මම බලා උන්නා තනිව තනිමග
නුහුරු නුපුරුදු දෙනෙත් අද්දර මගේ හිත සදහටම මත් කළ
නුඹේ තරු ඇස් තුළම කිමිදී මියෙන්නට වත් වරම් නැතිවද...
නිවුනු හැඩ රුව නිහඬ නුඹෙ වත මගේ හිත මත සිතුවමක් විය
කුළුදුල්ම ප්‍රේමයේ පිණි පොද නිශාවට කඳුලැලි ගඟක් විය
දෙපා අද්දර වැටී ඉල්ලා සිටිනු නොහැකිව නිතර ලතැවෙන
ප්‍රේමයේ පුජාසනය මත මිය යයිද මගෙ හීන පෙම් පත...?
කල්ප කල් දුර ගෙවා පැමිණෙමි මියෙන තුරු ප්‍රේමය සොයාගෙන
වසන්තය එන තුරා කතරට කඳුළු වැහි බිඳු හෙලමි තව තව
ජීවිතේ ලස්සනම මොහොතක කවිකාර හදවතම මත් කළ
සොඳුර නුඹ වෙත බැඳී ඉන්නම් අනෙක දුක් කම්කටොලු අභිමුව...
පාළු සීතල අමාවක රෑ හිත කියන කවි නුඹ අසාවිද
නුඹෙන් තොර වූ ලොවක් නැති මේ හිතේ ලතැවුල් නුඹ දනීවිද
හීන ඇහිඳින දෑස් අද්දර නැගෙන කඳුලැලි නුඹ පිසීවිද
තනි හිතක රැඳි මගේ ප්‍රේමය කිකල කවදා නුඹ දකීවිද...?
චතූ ✍️
Withanage DCS 5 months ago හිතක් විඳින දුකක් එනතුරා වසන්තයක් ......අපූරුයි.
Deesha(දීෂා)❤️ 5 months ago ලස්සනයි අක්කි ගොඩක්ම ❤️????