චතූ 1 year ago 241 6 5

Nisadas Image

ආදරණීය ගුරුතුමාගේ නික්ම යාම

තුමුල ගිරි හෙල් එකළු කරමින්
පෑයු සඳවත ඒ නුඹයි
අරුණ සනහන සොඳුරු රැස් ගෙන
ලොවට වැඩි හිරු මල නුඹයි...

නෙතග කඳුලක් වෙලා හෙමිහිට
කඩා හැලෙනා පෙම නුඹයි
වසර ගණනක එකම එක මග
දුටුව දෙව් රුව ඒ නුඹයි...

සෙනෙහෙ කැටිකොට වචන අතරේ
පද බඳින්නට නොදන්නෙමි මම
නැණස පාදනු රිසින් නුඹ කළ
මහඟු මෙහෙවර වටියි සදහට...

හද අරණ මත පිපුණු සුවඳැති
මලක් සේ නුඹෙ මතක ගොනුකොට
ඉදිරි දිවියට පතමි ආසිරි
දහස් සිසු නෙත පුබුදුවන්නට...

දිවියෙ හමුවන අනෙක ලතැවුල්
නුඹෙන් ඈතට ඉගිලුනාවේ
සතුට සැනසුම සිනහ පමණක්
නුඹේ සිත ළඟ නැවතුනාවේ...

දිනෙක දිවි මග කෙලවරක මුව
සිනා පියුමක් සුපිපුණාවේ
සදාදර ගුරු පියාණෙනි ඔබෙ
සියලු පැතුමන් ඉටුවුණාවේ...

චතූ ✍️

Comments (5)

Withanage DCS 1 year ago අගෙයි.හරිම සංවේදී ජනක අදහස් පෙළක්

නදී ..✍???? 1 year ago ගොඩක් ලස්සනයි ❤️

සචී..... 1 year ago හරිම ලස්සනයි❤️❤️❤️

shashi 1 year ago ගොඩක් ලස්සනයි චතූ❤️❤️

unknown 1 year ago හරිම ලස්සනයි????????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps