චතූ 2 years ago 252 3 5

Nisadas Image

නුඹ

නුඹ ක්‍රිෂ්ණා වගේ දඩබ්බරව ඇස් අස්සටම එබෙනකොට
රළු ග්‍රීස්මයේ රතු අහස තරම් රතක් ඇස්වල දකිනකොට

දුර ඈත හිමයක මොහොතකට නවතා පැමිණි කතාවක
තව එක පරිච්ඡේදයක් ලියන්න ආවද කියලා හිතුනා මේ භවයේ අග

කහ පාට ගාපු මැයි මල් යායම පීරගෙන හීතලට
නුපුරුදු හුළං රැලක් හෙමි හෙමිහිට කෙහෙරැළි අතර දැවටෙනකොට

කෝවිල අද්දරම හැමදාම නෙතගට මුණ ගැසෙන්නටම එන
ආගන්තුක දෑත තවරාවිද හිතුනා දිනෙක නලලතේ රත

මගෙ සිංහල වචන නුහුරු නුපුරුදු නුඹ හරි ලස්සනට
ඇදට ඇදට වුණත් සිංහලෙන්ම උත්තර බඳිනකොට

අපි අතරේ තිබුණු එක් කරන්න බැරි පරතරයට
දැනුනා අපූරු පාලමක් නුඹ තනන්නට සැරසෙන වග

සුදු වේට්ටියේ මුහු වෙච්ච හීන් කපුරු සුවඳ නාස් පුඩු අග්ගිස්සට
අළු තැවරූ නලලත රැදුණු බර බැල්ම හදිස්සියට

හදවත කොණකවත් තියාගන්න බැරි තරම් දුරක උන්නු ඔය රුව
නුඹ මට හොරෙන්ම හිත් අහස මත සායම් කරන අපූරුව

චතූ ✍️

Comments (5)

නදී ..✍???? 2 years ago ලස්සනයි ❤️❤️

Withanage DCS 2 years ago විශිෂ්ඨයි.

චතූ 2 years ago ස්තුතියි ❤️

shashi 2 years ago ගොඩක්ම ලස්සනයි චතූ❤️❤️

සචී..... 2 years ago ලස්සනයි ❤️❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps