නදී ..✍???? 7 months ago 103 6 4
ඉඩෝරය හුරු හදවතට යංතං වසන්තේ ඉගි බිගි කරන්....
සදසාවි හිත තනි මකන්නට
කුමරු සිත හොරකන් කරන්....
සිතුම් පුවරුව මැද්දෙ හැමදා
කවියකින් හැගුමන් ගොතන්....
පෙමක් තිබුනා අතින් නොඇලූ
හිතින් පණ මෙන් ලං කරන්....
සිතේ ලියවුනු හැගුම් එකිනෙක
පෑන් තුඩකින් කවි කලා....
කවුද කවරෙකුදැයි නොදැන නුබෙ
හදවතට මම් පෙම් කලා....
මගේ හද රිද්මෙට සමයි නුබේ රිද්මෙත් නුබේ දෑතින් ලියවිලා...
නුබෙන් පිලිතුරු කවක් අභියස
මගේ නෙත් දෙක තෙත්කලා....
ගලාගිය සීතලම දිය පොද මත් කරන් මීවිත ලෙස....
දිනෙන් දින ලං වෙනා හදවත්
කුමට නොදැකින් මේ ලෙස....
දිනක් දාගෙන මුනගැහෙන්නට
හුස්ම වැදෙනා ලග ඉද...
හීන දැක්කා වැඩිද මන්දා
නොදැන පෙමට වස් දොස් වැදේද....
පෑරෙනා හදවතට තබා හිස්තැන් නුබේ සවනට ඇය නොකී කතාවක්....
මමත් නුබත් මැද්දට ඇයත් පැමිනි
බැව් ලොවෙන්ම සගවාපු රහසක්....
මහ සයුර වෙත කදුලු දියකල
නොවැම්බරේ එදත් අද වගෙ දවසක්....
අහම්බෙන් හැමු චන්ඩ සුලගට
පණ ගැහි ගැහී මිහිදන් වුනිය ප්‍රේමයක්....
"අඩන්නට දැං කදුලු අමතක ,
මටත් තිබුනා පන්හිදක ප්‍රේමයක්....."
මම,
නදී..✍️
*$@n¢hi* 7 months ago හිතට තදින්ම වැදුනා නදී❤❤❤
*$@n¢hi* 7 months ago මටත් තිබුණා පන්හිදක ප්‍රේමයක් ❤❤❤
චතූ 7 months ago ලස්සනයි ????❤️
shashi 6 months ago ලස්සනයි ගොඩක් ❤️