Premudi Chanchala 2 years ago 157 1 0
මහා මුහුදක් සේ කෙළවරක් හොයා ගන්න බැරි තරම් ඔබ ගතින් දුරයිලු
නාස් පුඩු වලින් පිටවෙන හුස්මක් තරම් සිතින්නම් ඔබ ලගයිලු
කවදාදෝ ඔබ යලි එන්නේ බලන් හිටපු වාර අනන්තයිලු
ඔබ යන්න කලින් දෙකපුල් තෙමා දුන් හාදුව තාම මතකයි ලූ
ඔබේ මතකයි මගේ හිතයි හැම රෑකම මුමුනනවලු ඔබේ මතක එක්ක තවත් මට තනි වෙන්න හැකිලු හදවත ගොළු වෙලාලු නෙත් බොද වෙලාලු බොද වෙන කදුළු කැට දිගේ සේනිහස බිමටම වැටුනලූ මම විතරක් සයනේ තනි වෙලාලු නොයෙන නුබ වෙනුවෙන් මහා මුහුදක් සේ කදුළු සලන්නම්ලු අනේ රත්තරන් ඒක පාරක් ඇවිත් යන්න
අලුත් හුස්මක් මට දීලා යන්න