Withanage DCS 2 years ago 119 2 0

Nisadas Image

මැණිකේ මගේ හිතේ

මැණිකේ මගේ හිතේ
මේ ආදරේ දැල්වෙනා
මා කියන්නද කෙසේ
මා සිත දුකින් වෙවුලනා
මනලෝලි ඔබ නෙතේ
නැහැ සුව විඳින වාසනා
මුදු පවන වී මෙසේ
එමි ඔබ ගතෙහි දැවටෙනා

මගෙ මෙ පෙම් පතේ
මුතු අකුරු වැල් වෙලා
සුදු මුදු ඔබ දෙනෙතේ
පහස විඳගනිමි ලං වෙලා
රුව ඔබෙ මුහුණු පොතේ
දැක එහි රැඳෙමි පැටලිලා
සොඳුරු සුකුමාල වතේ
නෙත පිනමි ඔන්ලයින් වෙලා

රුවනාරි නුඹ මෙගමේ
කෙල්ලකි හැඩකාර ගමනැ'ති
මනහාරි නුඹෙ බැල්මේ
දුටු ගමන් ම සිත බැඳ ගති
හැඩකාරි මගෙ ඇල්මේ
තරම කියලා නිම නැති
සුකුමාරි මෙ ඇම්මේ
කියන්නට මට දිරි නැති.........?

Photo: Thankful credit to it's original owners.

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps