Withanage DCS 2 years ago 166 0 2

Nisadas Image

රැවටීම

පිණි විසිරුණ උදාසනක
රන් තැටියක් වගේ යසට
පුංචි කාලෙ ඉඳ හඳුනපු.
කිරි පැණි දෙන කතා කියපු.
මිහිදුම් සළු ඇඟලා ගෙන
සිහිළ් සුමුදු කිරණ හලන්
සඳක් වගේ හොරෙන් ඇවිත්,
මං රවටන්න ද සිතුවේ?
ඔබෙ ඔය රතු ඇස් දුටුවම,
දුෂ්ට නපුරු බස් ඇහුනම
හඳුනගතිමි කවුද කියා.

Comments (2)

shashi 2 years ago ලස්සනයි ..

චතූ 2 years ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps